ශ‍්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ජනපති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට කියයි..
පක්‍ෂයේ උන්නතිය සදහා උවමනා වෙතොත් තමන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසු බව අද මවුබිම පුවත්පත වාර්තා කර ඇත. ඊයේ රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ජනාධිපවරයා මේ බව සදහන් කලැයි එව වාර්තාවේ දැක්වෙයි. පක්‍ෂය ගොඩනගමින් ජයග‍්‍රාහීව ඉදිරියට ගෙන යාම සදහා සියළු දෙනා කැපවිය යුතු යයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කල බවද වැඩි දුරටත් සදහන්ය.