‘ශ‍්‍රිලනිප රනිල් පිල’ සමග අපිට බෑ.. රනිල් විරෝධී 16 පිලෙන් වෙනම මැයි රැළියක් කොළඹදී.. මෛත‍්‍රී-මහින්දට ආරාධනා..

විශ්වාස භංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් කන්ඩායම විසින් එළැඹෙන මැයි මස 07 වැනිදා වෙනම මැයි රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා සදහන් කරන්නේ ‘ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ රනිල් පිල’ සමග තව දුරටත් කටයුතු කල නොහැකි බැවින් රනිල් පිලේ මහ ලේකම්වරුන් වන මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක විසින් සංවිධානය කරන මැයි රැළියට සහභාගී නොවන බවයි.
16 දෙනෙකුගෙන් යුතු තම කණ්ඩායම විසින් වෙමන මැයි රැුළියක් කොළඹ විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී පවත්වන බවද ඒකනායක ඇමතිවරයා සදහන් කරයි.
මෙම රැුළියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ශ‍්‍රිලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනා කරන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Comments

Popular posts from this blog

ඔන්ලයින් මඩමක් "මිතුරියො" නමින් කරළියට.

රනිල් නායකකමෙන් යන්නේ නෑ.. සාකච්චා පලක් නෑ..- රංගෙ බණ්ඩාර තීරණාත්මක සටහනක් තබයි..

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෙට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී ඇරඹෙයි