21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෙට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී ඇරඹෙයි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ක්‍රීඩා ගම්මානයේදී 21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෙට (04)  දින ආරම්භවීමට නියමිතය. හෙට දිනයේදී ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟ ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය දරන රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි තරඟ වැදීමට නියමිතය. ක්‍රීඩා 19 ක ඉසව් 275 ක් එහිදී පැවැත්වෙනු ඇති.
මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 ක් හා නිලධාරීන් 39 ක් සහභාගී වන අතර අදියර 5 ක් යටතේ ඔවුන් ඔස්ට්‍රේලියාව බලා පිටත් වන බවයි ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරන්නේ. කණ්ඩායමක් මේ වන විටත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටින අතර හෙට සහ අනිද්දා යන දෙදින තුළ තවත් පිරිසක් ගෝල්ඩ් කෝස්ට් වෙත පිටත් වෙනු ඇති. 
 
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ බර ඉසිලීමේ ඉසව්වේ 2006 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 62 බර පන්තියේ රන් පදක්කම දිනාගත්, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන චින්තන ගීතාල් විදානගේය. 2010 වසරේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනා ගැනීමට ඔහුට හැකි වූ අතර 2014 වසරේදී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී චින්තන ගීතාල්ට පදක්කමක් දිනා ගැනීමට හැකි වූයේ නැත.  
 
මෙවරද වැඩි පදක්කම් ප්‍රමාණයක්  බර ඉසිලීමේ ඉසව්වලින් හා පිහිනුම් ඉසව්වලින් දිනා ගනු ඇති බවට විශ්වාසය පළකරයි. ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉසව් 15 ක් සඳහා සහභාගී වන බව ද ජාතික ඔලිම්පික් කමිටුව පවසයි. 
 
බර ඉසිලීම ඉසව් සඳහා චින්තන ගීතාල් විදානගේ, චතුරංග ලක්මාල්, තිලංක පළඟසිංහ, චතුරංග දිසානායක, ශානක මධුසංඛ පිටර්ස්, සමන් අබේවික්‍රම, උෂාන් චාරුක, දිනූෂා හංසනී ගෝමස්, චමරි වර්ණකුලසූරිය, නදීෂානි සදමාලී රාජපක්ෂ, ප්‍රියන්ති බාලගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන අතර කණ්ඩායම් කළමනාකරු ලෙස අජිත් තමාල් වර්ණකුලසුරිය ද පුහුණුකරු ලෙස  ආර්. වික්‍රමසිංහ සහ සහය පුහුණුකරු ලෙස නවින්ද්‍ර දයාන් සහභාගී වන අතර අභ්‍යාසක ලෙස උපුල් ජයතිලක සහභාගී වෙයි. 
 
පිහිනුම් හා කිමිදුම් ක්‍රීඩා ඉසව් සඳහා චෙරන්ත ද සිල්වා, මැතිව් අබේසිංහ, අකලංක පිරිස්, කයිල් අබේසිංහ, විනොලි කළුආරච්චි, දිල්රුක්ෂි අවන්තී පෙරේරා, ලක්ෂානි ද සිල්වා, තේජන පිරිස් සහභාගී වෙයි. කණ්ඩායම් කළමනාකරු ලෙස  චානක හසන්ත, පුහුණුකරුවන් ලෙස  ජුලියන් බොලින්, බුද්ධි අබේසිංහ සහ චානක දුමින්ද (කිමිදුම්) සහභාගී වෙයි. 
 
මලල ක්‍රීඩා ඉසව් සඳහා මංජුල කුමාර, සම්පත් රණසිංහ, සුරන්ජය ද සිල්වා, හිමාෂ එශාන්, ෂෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රාෆූ, ලක්ෂිත වික්‍රමසිංහ, ජනක විමලසිරි, ඩබ්. නිමාලී ලියනාරච්චි, ගයන්තිකා අබේරත්න, දිල්හානි ලේකම්ගේ, හිරුනි විජේරත්න, රුමේෂිකා රත්නායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ නිමල්සිරි හේවා විතානගේය. කණ්ඩායම් පුහුණුකරුවන් ලෙස සුනිල් ගුණවර්ධන, මිරන්ද රමීස්, සජිත් ජයලාල්, කිංස්ලි ගුණතිලක යන අය සහභාගී වෙයි. 
 
බැඩ්මින්ටන් ඉසව් වෙනුවෙන් බුවෙනක දුල්ලේවැව, දිනුක කරුණාරත්න, නිලුක කරුණාරත්න, සචින් ඩයස්, තිලිණි ප්‍රමෝදිකා හෙන්දහේවා, කාවින්දි සිරිමාන්නගේ, හෂිනි අම්බලන්ගොඩ, මදුෂිකා දිල්රුක්ෂි සහභාගී වන අතර කණ්ඩායම් කළමනාකරු ලෙස දුමින්ද ගමගේ හා  නිශාන්ත අලුත්ගේ කටයුතු කරන අතර පුහුණුකරුවන් ලෙස ධනේෂ් මලියදේව හා ටෝනි වහුඩි එක්ව සිටිති.
 
මල්ලවපොර ක්‍රීඩා ඉසව් වෙනුවෙන් දිවාශාන් චාල්ස් ප්‍රනාන්දු, සුරේෂ් චානක ප්‍රනාන්දු හා  දිල්හානි වීරබාහු ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර කණ්ඩායම් කළමනාකරු ලෙස ප්‍රගීත් ප්‍රියන්කර හා පුහුණුකරු ලෙස ජගත් ප්‍රියන්ත කටයුතු කරයි.
 
බීච් වොලිබෝල් ඉසව්ව සඳහා  අසංක ප්‍රදීප් හා මලින්ත යාපා යන ක්‍රීඩකයන් සහභාගී වෙයි.
 
ටේබල් ටෙනිස්  ඉසව් වෙනුවෙන් උදය රණසිංහ, රොහාන් සිරිසේන, නිර්මල බණ්ඩාර ජයසිංහ, ඉෂාරා මදුරංගි, හංසනී කපුගීකියන, එරන්දි වරුසවිතාන එක්ව සිටින අතර  කණ්ඩායම් කළමනාකරු ලෙස චතුර ජයනේන්ද්‍ර කටයුතු කරයි. පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ  මධුසංක වික්‍රමසිංහය.
 
ස්කොෂ් ඉසව්ව වෙනුවෙන් රවිඳු ලක්සිරි හා මිහිලියා මෙත්සරණි සහභාගී වන අතර කණ්ඩායම් කළමනාකරු ලෙස  සී.එච්. තලගල කටයුතු කරයි.
 
වෙඩි තැබීමේ ඉසව් සඳහා  සුරංග ප්‍රනාන්දු, උපුල් විජේරත්න හා සඳුනි පෙරේරා එක්ව සිටින අතර  කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ප්‍රදීප්  එදිරිසිංහය. 
 
ජිම්නාස්ටික් ඉසව් සඳහා  සමනලී ගුණතිලක, අමායා සිතුමිනි, කවුෂානි චාතූර්යා, ඈන් මරීයා ඔන්ඩච්චි යන ක්‍රීඩිකාවන් සහභාගී වන අතර  පුහුණුකරු ලෙස  තරංග වෙළඳගේ හා ස්වෙට්ලානා ජාකෝවා කටයුතු කරන අතර වෛද්‍ය එලීයා පෙට්රකෝන්ද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙයි.
 
බොක්සිං ඉසව් සඳහා  ඉෂාන් බණ්ඩාර, තිවංක රණසිංහ, දුශාන් සපරමාදු, අනුෂා දිල්රුක්ෂි, දුලානි අනුරාධා ජයසිංහ හා හංසික කස්තුරිආරච්චි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන අතර පුහුණුකරුවන් ලෙස ඩයන් ගෝමස්, හර්ෂ කුමාර හා අරවින්ද තිසේරා සහභාගී වෙයි.
 
පාපැදි ඉසව්ව වෙනුවෙන්  අවිශ්ක දිල්නුවන් හා චාමික සඳුන් කුමාර සහභාගී වන තර  කණ්ඩායම් කළමනාකරු ලෙස සේනක රණසිංහ හා  පුහුණුකරු ලෙස උපාලි රත්නායක සහභාගී වෙයි. 
 
මේ අතර 21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පුවත් මැවීම ආරම්භ කරමින් ගෝල්ඩ් කෝස්ට් ක්‍රීඩා ගම්මානයේ තිබී එන්නත් කරන ලද සිරින්ජ කිහිපයක් හමුව තිබේ. වාර්තා වන පරිදි එම සිරින්ජ පරික්ෂා කිරීම සඳහා තහනම් උත්තේජක විශේෂඥයින් වෙත යොමු කර ඇත. 
 
ආශිකා බ්‍රාහ්මණ

Comments

Popular posts from this blog

ඔන්ලයින් මඩමක් "මිතුරියො" නමින් කරළියට.

රනිල් නායකකමෙන් යන්නේ නෑ.. සාකච්චා පලක් නෑ..- රංගෙ බණ්ඩාර තීරණාත්මක සටහනක් තබයි..