Posts

ශ‍්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ජනපති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට කියයි..

Image
පක්‍ෂයේ උන්නතිය සදහා උවමනා වෙතොත් තමන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසු බව අද මවුබිම පුවත්පත වාර්තා කර ඇත. ඊයේ රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ජනාධිපවරයා මේ බව සදහන් කලැයි එව වාර්තාවේ දැක්වෙයි. පක්‍ෂය ගොඩනගමින් ජයග‍්‍රාහීව ඉදිරියට ගෙන යාම සදහා සියළු දෙනා කැපවිය යුතු යයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කල බවද වැඩි දුරටත් සදහන්ය.

ඇමති සජිත් තමන් ඉල්ලා අස්වන බව අගමැති රනිල්ටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පාර්ලිමේන්තු කණ්ඩායමටත් දන්වයි..

Image
එක්සත් ජාතික පක්‍ෂයට නියෝජ්‍ය නායකකම් දෙකක් ඇති කරන්නේ නම් තමන් ඊට විරුද්ද වන්නේ යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර ඇත. ඊයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු සදහන් කර ඇත්තේ එසේ නියෝජ්‍ය නායක ධුර දෙකක් ඇති කලහොත් තමන් දරන නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු දැඩිව අවධාරණය කර ඇත. ඊයේ පැවති එම හමුවේදී සජිත් පේ‍්‍රමදාස මහතා තව දුරටත් නියෝජ්‍ය නායක ධුරයේ හා රවි කරුණානායක මහතා උප නායක ධුරයේ තබා ගැනීමට තීරණය වී තිබේ. එමෙන්ම තවත් උප නායක ධුර කිහිපයක් ඇති කිරීමටද යෝජනා වී ඇති අතර එම පිරිස ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතුවලදී පත් කිරීමටද නියමිතය.

ඔන්ලයින් මඩමක් "මිතුරියො" නමින් කරළියට.

Image
මිතුරියො ඩොට් කොම් නමැති වෙබ් අඩෙවියක් හරහා සූක්ෂම ආකාරයෙන් සිදුවන මහා පරිමාණ වෛශ්‍යා ජාවාරමක් පිලිබඳව තොරතුරු රැසක් වාර්තා වී තිබේ. මිතුරන් හදුනාගැනීම සඳහා තිබෙන වෙබ් අඩෙවියක් ලෙස දක්වමින් මෙම  ජාවාරම සිදුකෙරෙමින් තිබෙන අතර ලංකාවේ තරුණ තරුණියන් රැසක් දැනටමත් මෙහි ගොදුරු බවට පත්ව තිබේ. ඇමරිකානු ඩොලර් 10 ගෙවා එම වෙබ් අඩෙවියේ ලියාපදිංචි වූ පසුව රට පුරා සිටින වෛශ්‍යා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ ජායාරූප සහ සම්බන්ධ කරගැනීමට අදාළ තොරතුරු එවනු ලබන අතර එම ගණුදෙනුවේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේද මෙම වෙබ් අඩෙවියයි. රටපුරාම සිටින කාන්තාවන්ට අමතර ආදායමක් ඉපයීමට මෙම වෙබ් අඩෙවිය සමඟ සම්බන්ධ වන ලෙසට වූ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර විශ්ව විද්‍යාල සිසුවියන්ද මේ හරහා වෛශ්‍යා වෘත්තියේ නියැලෙමින් ආදායම් ලබන බවට වාර්තා වී තිබේ. දේශීය තරුණියන් මෙන්ම විදේශික තරුණියන්ද මෙම වෙබ් අඩෙවිය හරහා සේවා සපයනු ලබයි. මෙම වෙබ් අඩෙවිය ශ්‍රී ලංකාව තුල තහනම් කරන ලෙස බොහෝ පිරිසක් ඉල්ලීම් කරද තවමත් එයට ප්‍රවේශ වීමේ හැකියාව පවතී

වාහන වලින් බඩු සොරකම් කරන විවාහක යුවළක් අත්අඩංගුවට

Image
දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් නවතා තිබෙන වාහන වලින්  ඉතා සූක්ෂම ලෙස දොරවල් විවෘතකොට වාහන වල ඇති දෑ සොරාගන්නා පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ සැකපිට 07 දින දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ වාහන වලින් සොරාගන්නා ලද භාණ්ඩ චෙක්පත් හැදුනුම්පත් මුදල් පසුම්බි ජංගම දුරකථන මෙන්ම වාහන ලියාපදිංචි රිසිට්පත් රියදුරු බලපත්‍ර බොහෝ දෙනා ගේ ඡායාරූප චෙක්පත් ආදී බැංකු කාඩ්පත්  රැසක් සොයා ගත් බව පොලිසිය කියයි. දැනට සිදුකරන පරීක්ෂණවලදී වාහන රැසකින් සොරාගත් භාණ්ඩවල කොටස් රැසක් සොයාගෙන ඇති අතර ඒවා අයිතිකරුවන් සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. සිය බිරිඳ සමග දඹුල්ල කණ්ඩලම පාරේ  ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නැවතී සිටිමින් මෙම පුද්ගලයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු  දීවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මේ ආකාරයෙන් වාහනවල භාණ්ඩ සොරා ගැනීම වාහන සොරාගෙන කැබලි කොට අලෙවි කිරීම ගෙල බැඳි රන් මාල කොල්ලකෑම ගෙවල් බිඳුම් ආදී චෝදනා රැසකට ...

මුවන්පැලැස්ස ‘මැණිකේ’ අභාවප්‍රාප්ත වෙයි…

Image
සමස්ත ගුවන්විදුලි මෙන්ම සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වූ රත්නාවලී කැකුණවෙල මහත්මිය මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත. කෙටි කළක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය. ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් 1951.දෙසැම්බර් 21 වන දින පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයක් ඇයගේ ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය විය. ඇය මුවන් පැලැස්සේ ‘කදිරා’ ලෙස හඞකැවූ වික්ටර් මිගල් මහතාගේ නැගණියද විය. අවමගුල් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙනු ලැබේ. – ශ්‍රී නිමල් පද්මකුමාර

‘ශ‍්‍රිලනිප රනිල් පිල’ සමග අපිට බෑ.. රනිල් විරෝධී 16 පිලෙන් වෙනම මැයි රැළියක් කොළඹදී.. මෛත‍්‍රී-මහින්දට ආරාධනා..

Image
විශ්වාස භංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් කන්ඩායම විසින් එළැඹෙන මැයි මස 07 වැනිදා වෙනම මැයි රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා සදහන් කරන්නේ ‘ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ රනිල් පිල’ සමග තව දුරටත් කටයුතු කල නොහැකි බැවින් රනිල් පිලේ මහ ලේකම්වරුන් වන මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක විසින් සංවිධානය කරන මැයි රැළියට සහභාගී නොවන බවයි. 16 දෙනෙකුගෙන් යුතු තම කණ්ඩායම විසින් වෙමන මැයි රැුළියක් කොළඹ විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී පවත්වන බවද ඒකනායක ඇමතිවරයා සදහන් කරයි. මෙම රැුළියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ශ‍්‍රිලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනා කරන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

හයවැනිදා පූර්ණ කැබිනට් සංශෝධනයක් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. මේ සඳහා මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එජාප කණ්ඩායමේ අරමුණ විය.   ශ්‍රීලනිපයේ සැබෑ මතය   විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන ඇති බවත් ඒ අනුව අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබේ. එසේ ඉල්ලා අස් නොවුනහොත් විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදිය යුතු බවට ඔවුන් තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් එය පක්ෂයේ තීරණය ලෙස තවමත් ප්‍රකාශයට පත්ව නොමැත.   සාකච්ඡාව අතරතුර මලික් සමරවික්‍රම ඇමතිවරයා ජනාධිපතිවරයාගෙන් අසා ඇත්තේ 'ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායම විසින් අගමැතිවරයා විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයට පෙර ඉල්ලා අස්විය යුතු බවට ගෙන ඇති තීරණය සම්බන...