ඇමති සජිත් තමන් ඉල්ලා අස්වන බව අගමැති රනිල්ටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පාර්ලිමේන්තු කණ්ඩායමටත් දන්වයි..

එක්සත් ජාතික පක්‍ෂයට නියෝජ්‍ය නායකකම් දෙකක් ඇති කරන්නේ නම් තමන් ඊට විරුද්ද වන්නේ යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර ඇත.
ඊයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු සදහන් කර ඇත්තේ එසේ නියෝජ්‍ය නායක ධුර දෙකක් ඇති කලහොත් තමන් දරන නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු දැඩිව අවධාරණය කර ඇත.
ඊයේ පැවති එම හමුවේදී සජිත් පේ‍්‍රමදාස මහතා තව දුරටත් නියෝජ්‍ය නායක ධුරයේ හා රවි කරුණානායක මහතා උප නායක ධුරයේ තබා ගැනීමට තීරණය වී තිබේ.
එමෙන්ම තවත් උප නායක ධුර කිහිපයක් ඇති කිරීමටද යෝජනා වී ඇති අතර එම පිරිස ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතුවලදී පත් කිරීමටද නියමිතය.

Comments

Popular posts from this blog

ඔන්ලයින් මඩමක් "මිතුරියො" නමින් කරළියට.

රනිල් නායකකමෙන් යන්නේ නෑ.. සාකච්චා පලක් නෑ..- රංගෙ බණ්ඩාර තීරණාත්මක සටහනක් තබයි..

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෙට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී ඇරඹෙයි