අද බොහෝ දෙනෙක් බේරිලා ඉන්නෙ එජාපය නිසා, රනිල්ට විරුද්ධ වන අයගෙ ජාතකය ප්‍රශ්නයක් - හිටපු ඇමති මර්වින්
අද බොහෝ දෙනෙකු ජීවිත බේරාගෙන
සිටින්නේ එක්සත් ජාතික පක්ෂය නිසා බවත් ඒ නිසා අගමැතිවරයාට එරෙහිව
ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව සඳහා සහාය දක්වන පුද්ගලයන්ගේ උත්පත්තිය
පිළිබඳ සොයා බැලිය යුතු බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. අද
(03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ඇමතිවරයා මේ බව සඳහන්
කළේය.
වත්මන් යහපාලන ආණ්ඩුව ගොඩනැගීම පිටුපස සිටින මහා බලවේගය රනිල්
වික්‍රමසිංහ මහතා බව ප්‍රකාශ කළ මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ
අගමැතිවරයා ඉවත් කිරීම යනු යහපාලනයේ අවසානය බවයි.
අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවත් එජාපයට
අගමැතිවරයා ප්‍රශ්නයක් නොවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයට එය ප්‍රශ්නයක් වීමට
හැකියාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. තමන් කලෙකට පෙර එක්සත් ජාතික
පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ද විවේචනය කළ නමුත් මේ මොහොතේ රනිල්
වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව ද
හිටපු ඇමතිවරයා පැවසීය.
Comments
Post a Comment