හයවැනිදා පූර්ණ කැබිනට් සංශෝධනයක් !
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
ඇතුළු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. මේ සඳහා මංගල සමරවීර, මලික් සමරවික්‍රම,
කබීර් හෂීම්, අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති අතර ඒ
සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එජාප කණ්ඩායමේ අරමුණ විය.
ශ්‍රීලනිපයේ සැබෑ මතය
විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන
ඇති බවත් ඒ අනුව අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රීලනිප ඇමතිවරුන්
කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබේ. එසේ ඉල්ලා අස් නොවුනහොත් විශ්වාස භංග
යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදිය යුතු බවට ඔවුන් තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත්
එය පක්ෂයේ තීරණය ලෙස තවමත් ප්‍රකාශයට පත්ව නොමැත.
සාකච්ඡාව අතරතුර මලික් සමරවික්‍රම ඇමතිවරයා ජනාධිපතිවරයාගෙන් අසා
ඇත්තේ 'ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායම විසින් අගමැතිවරයා විශ්වාස භංග යෝජනාව
පිළිබඳ විවාදයට පෙර ඉල්ලා අස්විය යුතු බවට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්
ඔබතුමාගෙ මතය කුමක්ද ?' කියාය.
නිශ්චිත මතයක් නෑ
මෙයට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ඇත්තේ ඒ
සම්බන්ධයෙන් පක්ෂයට නිශ්චිත මතයක් නොමැති බවයි. ශ්‍රීලනිප ඇමතිවරුන් මත
තුනකට බෙදී ඇති බවත් එක් පිරිසක් පමණක් අගමැතිවරයා ආරක්ෂා කරමින් විශ්වාස
භංගය පරාජයට පත්කළ යුතුය යන අදහස දරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි තවත් පිරිසක් අගමැතිවරයාට විරුද්ධ වන අතර
ඔවුන් පවසන්නේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීමට සහාය දැක්විය යුතු
බවයි. මීට අමතරව තවත් පිරිසක් මධ්‍යස්ථ මතයක් දරන බව ද ජනාධිපතිවරයා
ප්‍රකාශ කර තිබේ.
ඔබතුමා දිනනවා, කලබල වෙන්න දෙයක් නෑ
ඉන්පසු ජනාධිපතිවරයා තමන්ගේ මතය ප්‍රකාශයට පත්කර ඇති අතර, 'ඔබතුමා මේ
විශ්වාස භංග යෝජනාවෙන් දිනනවා. ඒක තමයි මගේ මතය. ඒ නිසා කලබල වෙන්න දෙයක්
නෑ. බයවෙන්න දේකුත් නෑ' යනුවෙන් අගමැතිවරයාට පවසා තිබේ.
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක්
අගමැතිවරයාට ආරක්ෂා කරගත යුතුය යන මතය නියෝජනය කරන බැවින් ඔවුන්ගේ සහාය ද
ලැබෙන හෙයින් විශ්වාස භංග යෝජනාව ජයගනු ඇති බවට කිසිදු විශ්වාසයක් තමන්ට
නොමැති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
පූර්ණ කැබිනට් සංශෝධනය 06 වැනිදා
විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය අවසන්වීමෙන් පසු අප්‍රේල් 05 වැනිදා
නැවතත් දෙපාර්ශ්වය හමුවිය යුතු බවට ජනාධිපතිවරයා අගමැතිවරයාට ප්‍රමුඛ
කණ්ඩායමට යෝජනා කර ඇති අතර එහිදී විශ්වාස භංග යෝජනාවෙන් පසු තත්වය පිළිබඳ
සාකච්ඡා කළහැකි බව ද සිරිසේන මහතා පවසා ඇත.
ලබන 06 වැනිදා කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ද එකඟතාවයකට පැමිණ තිබෙන
බවයි වාර්තා වන්නේ. ඒ අනුව එදින පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවීමට
නියමිතය.
එහිදී විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන කිසිදු ඇමතිවරයෙකුට
තනතුරු ලබා නොදීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති අතර ඒ අනුව ආණ්ඩුවට එරෙහිව
කටයුතු කරන ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි වනු ඇත.
එජාපය හා ජනාධිපතිවරයා අතර ඊයේ (02) පැවති සාකච්ඡාව තරමක උණුසුම්
මුහුණුවරක් ගත් අතර කෙසේ වෙතත් අද පැවති සාකච්ඡාව සුහද අයුරින් පැවති බවයි
වාර්තා වන්නේ. ඒ අනුව විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද
විමසීම ආණ්ඩුවට මෙන්ම අගමැතිවරයාට ද වාසිදායක එකක් වනු ඇති බවට විශ්වාස කළ
හැකිය.
Comments
Post a Comment